Sex Positive Education in Sinhala
Birth Control
HIV AIDS and STDs
SEX
ෆාමසියට ගොස් කොන්ඩම් ඉල්ලන්න බයයිද? එසේනම් අනිවාර්යෙන්ම මෙය නරඹන්න (VIDEO)
ෆාමසියට ගොස් කොන්ඩම් ඉල්ලන්න බයයිද? එසේනම් අනිවාර්යෙන්ම මෙය නරඹන්න (VIDEO)
උපත් පාලන ක්‍රම පිලිබඳ කතා කරන විට කොන්ඩම් හෙවත් උපත් පාලන කොපුවලට හිමිවන්නේ ප්රමුඛ ස්ථානයක්. මෙයට ප්‍රධානම හේතුව නම් භාවිතා කිරීම පහසු වීමයි.
ෆාමසි, සුපිරි වෙළෙඳසැල් ආදී ස්ථානවලින් පහසුවෙන් කොන්ඩම් මිලදී ගත හැකියි. අනෙක් උපත් පාලන ක්‍රමවලට සාපේක්ෂව මෙහි මිල ද අවම මට්ටමකයි පැවතෙන්නේ.
ලේටෙක්ස් රබර්වලින් නිපදවන මේවා දැන් විවිධ ආකාරයන්ගෙන් වෙළෙඳපොළේ දකින්නට ලැබෙනවා. වැඩි තෘප්තියක් ලබා ගැනීම සඳහාම නිෂ්පාදිත රළු ගැටිති සහිත කොන්ඩම්, විවිධ රසයන්ගෙන් සහ සුවඳින් යුත් කොන්ඩම්, සුරතාන්තයට පැමිණීම ප්‍රමාද කරවන ආකාරයේ කොන්ඩම්, හොඳ ස්පර්ශවීමක් ලබා දීමට සැකසූ ඉතා තුනී සිනිඳු මතුපිටක් සහිත කොන්ඩම් ආදී බොහෝ වර්ගවල කොන්ඩම් තිබෙනවා.
මේ මොන ආකාරය තිබුණත් තවමත් කොන්ඩම් පැකට්ටුවක් මිලදී ගැනීම ලැජ්ජාවට කාරණයක් බවද ඔබ සිතා සිටින්නේ? බොහෝ විට යම් පිරිමියෙකු කොන්ඩම් මිලට ගැනීමට ගිය විට අසල සිටින ඇතැමුන් ඒ පුද්ගලයා දෙස බලන්නේ වපරැසින්. කාන්තාවක් ගොස් කොන්ඩම් පැකට්ටුවක් ඉල්ලා සිටියහොත් ඇතිවන තත්වය ඉතාම බිය ජනක විය හැකියි. අප සමාජයේ තවමත් පවතින් මෙවන් පසුගාමී තත්වයන් වෙනස් විය යුතුයි.
කොන්ඩම් මිලට ගැනීමට ඇති ලැජ්ජාව නිසා ඒවා නොමැතිව ලිංගික කටයුතුවල යෙදීමෙන් සමාජ රෝගවලට ගොදුරුවනවාට වඩා, අනවශ්‍ය ගැබ් ගැනීම්වලට මුහුණ දීමට සිදුවනවාට වඩා ඇතිවන ලැජ්ජාව පසෙක ලා කොන්ඩම් පැකට්ටුවක් මිලදී ගෙන භාවිතා කිරීම වටිනවා නේද? මිලට ගැනීමට ගිය විට ඔබ ලෙස වපරැසින් බලන අය ඔබ ඉහත කියූ තත්වයකට මුහුණ දුනහොත් ඔබේ උපකාරයට පැමිණෙන්නේ නැහැ. ඒම නිසා එවන් මිනිසු කෙරෙහි ඔබ වද විය යුතු නැහැ.
මෙය කියවන ඔබ කාන්තාවක් නම් ඔබේ ලිංගික සහකරුගෙන් කොන්ඩමයක් පැළඳ සිටින්නැයි ඉල්ලා සිටීමට ඔබට අයිතියක් තිබෙනවා.
ලැජ්ජාව නිසා අනාරක්ෂිතව ලිංගික කටයුතුවලයෙදී ඔබේ ජීවිතය අඳුරු කරගන්නවාට වඩා ආරක්ෂිත උපක්‍රමයක් භාවිතා කර ඔබේ සතුට සොයා යාමයි වැදගත් වන්නේ.
ශ්‍රී ලංකාවේ පමණක් නොව පොදුවේ දකුණු ආසියානු රටවල අය මුහුණ දෙන අත්දැකීමක් තමයි කොන්ඩම් මිලට ගැනීමට ගිය විට විඳින්නට වන අපහසුතාවය. එවන් අත්දැකීමක් අලලා සැකසූ වීඩියෝවක් ඔබට පහතින් නැරඹිය හැකියි.
This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language
Subscribe to:
Post Comments (Atom)
Featured Story
Buying Condoms In Sri Lanka
The first phase of 'Doing it right', a campaign carried out by the Rotaract Club of Cinnamon Gardens. This is the one and on...

Popular Segments
-
ව්යාඝ්රා ලංකාවේ විටින් විට පුවත් මවන නමකි. නම ඇසූ පමණින්ම බියකරු සතෙකු අපේ මතකයට නැගෙන මෙම ව්යාඝ්රා ලංකාවේ ජනතාවටද පෙන්වා ඇත්තේ ඊට සම...
-
පුරුෂයන් බොහෝමයක් දෙනා ජීවිතයේ කොයියම්ම කාලයක හෝ මුහුණදෙන ගැටලුවක් ගැනයි අද කතාව. අනෙක් අයට වඩා තමන්ගේ ලිංගික අවයවය කුඩා යැයි කියන මනස්තා...
-
මිනිස් සිරුර ලෙඩ රෝගවලට සංවේදීය. වෛරස් හා බැක්ටීරියා ආසාදනයන්ට මිනිසා ඉක්මනින්ම ගොදුරු වන්නේ එබැවිනි. මෙසේ ඇතිවන ඇතැම් රෝග එළිපිට කතා කරන...
-
නව යෞවන වයස්වල පසුවන දැරිවියන්ට බලපාන සෞඛ්‍ය ගැටලු අතර ඔසප්වීම හා සම්බන්ධ ඒවා රාශියකි. අනාගතයේ දරුවෙකු දරා සිටීමට, ගර්භාෂය සූදානම් වීමක්...
-
පිරිමින්ගේ ඇතිවන ලිංගික අප්‍රාණිකත්වය හෙවත් ලිංගික කාර්යයේදී ශිෂ්ණය නිසි ලෙස ප්‍රාණවත් කර ගැනීමට ඇති නොහැකියාව හෝ ප්‍රාණවත් වූ ශිෂ්ණය ලිං...
-
අනාගතය පිලිබඳ නැවුම් පැතුම් රාශියක් සිතේ පුරවාගනිමින් සිදු වන විවාහයට පසු දෙදෙනෙකු සැමියා සහ බිරිඳ වශයෙන් ගෙවන ප්‍රථම රාත්‍රිය පිලිබඳ බොහ...
-
සුරාන්තය කියන්නේ ඉතින් සරලව කියනවනම් ලිංගික සංසර්ගයකදී (යෝනි, මුඛ හෝ ගුද) හෝ ස්වයං වින්දන ක්‍රියාවලියක් අවසානයේ පිරිමි කට්ටියගේ ශුක්‍රාණු...
-
පොස්ටිනෝර් 2 කියන නම මේ සටහන කියවන ඔයාලා හැමෝම වගේ අහල නම් ඇති. ඒත් ඒ ගැන හරියටම දන්න අය නම් ගොඩක් අඩු ඇති. එහෙනම් බලමු මොකක්ද මේ ප...
-
ලිංගික අප්‍රාණිකත්වය නැත්නම් නෂ්ඨකාමය ඇති අයට දැන් විස්මිත පෙත්තක් භාවිත කිරීමේ වරම ලැබී තිබේ. ඇත්තෙන්ම කිව්වොත් මේ නම් මැජික් පෙත්තකි. ඒ...
-
වස්තිකාමුකත්වය - Klismaphilia ගුද මාර්ගයට බටයක් මගින් ජලය හෝ දියරයක් ඇතුළු කර මළපහ කිරීමට සැලැස්වීම වස්තිය යනුවෙන් හැඳින්වේ. එම ක්‍රිය...
Newsletter
Subscribe here to get interesting stuff and updates.
LIKE US>>>>
Trending
-
පිරිමින්ගේ ඇතිවන ලිංගික අප්‍රාණිකත්වය හෙවත් ලිංගික කාර්යයේදී ශිෂ්ණය නිසි ලෙස ප්‍රාණවත් කර ගැනීමට ඇති නොහැකියාව හෝ ප්‍රාණවත් වූ ශිෂ්ණය ලිං...
-
සුරාන්තය කියන්නේ ඉතින් සරලව කියනවනම් ලිංගික සංසර්ගයකදී (යෝනි, මුඛ හෝ ගුද) හෝ ස්වයං වින්දන ක්‍රියාවලියක් අවසානයේ පිරිමි කට්ටියගේ ශුක්‍රාණු...
-
වස්තිකාමුකත්වය - Klismaphilia ගුද මාර්ගයට බටයක් මගින් ජලය හෝ දියරයක් ඇතුළු කර මළපහ කිරීමට සැලැස්වීම වස්තිය යනුවෙන් හැඳින්වේ. එම ක්‍රිය...
-
ලිංගික අප්‍රාණිකත්වය නැත්නම් නෂ්ඨකාමය ඇති අයට දැන් විස්මිත පෙත්තක් භාවිත කිරීමේ වරම ලැබී තිබේ. ඇත්තෙන්ම කිව්වොත් මේ නම් මැජික් පෙත්තකි. ඒ...
-
ලිංගික ආශාව ඇතිවීම මෙන්ම නිවැරදි සංසර්ගය නිරෝගි බවේ ලකුණක්. නමුත් දිගින් දිගටම සම්බන්ධතා නොපැවැත්වීම රෝග රැසකට මගපෑදිය හැකියි. මෙන්න ඉන්...
-
වෙල් නියර දිගේ පැමිණි සීලනාථ සහ නිමල්සිරි “පින්නදූව ලන්ද”ට ඇතුළු වූහ. තවමත් සවස හතරේ හෝරාව ඉක්ම වී ගොස් නැතත්, හාත්පස පරිසරය තරමක් අඳුරු ආ...
-
මිනිස් සිරුර ලෙඩ රෝගවලට සංවේදීය. වෛරස් හා බැක්ටීරියා ආසාදනයන්ට මිනිසා ඉක්මනින්ම ගොදුරු වන්නේ එබැවිනි. මෙසේ ඇතිවන ඇතැම් රෝග එළිපිට කතා කරන...
-
පිරිමින් මුහුණ දෙන ලොකුම ගැටලුවක් හැටියට ලිංගික අප්‍රාණිකත්වය දක්වන්න හැකියි. විවිධ පෙති, කරල්, එන්නත් ගැන මෙන්ම ව්‍යාජ ඖෂධ ගැනත් මෙහිදි ...