Sex Positive Education in Sinhala
Life Tips
Relationships
සාර්ථක විසඳුම් තිබෙන යුගදිවියේ ගැටලු කිහිපයක්.
සාර්ථක විසඳුම් තිබෙන යුගදිවියේ ගැටලු කිහිපයක්.
යුගදිවියේ ගැටලුකාරි තත්ත්වයන්ට හේතුවන මානසික රෝගී තත්ත්වයන් සහ වෙනත් මානසික හේතු පිළිබඳව දිගින් දිගටම අපි සාකච්ඡා කළෙමු. අද අපි තවත් ගැටලු කිහිපයක් ගැන අවධානය යොමු කරමු.
යෝජිත විවාහයක් වැනි කලින් සමීප ඇසුරක් නොපැවති යුවළක් යුගදිවියට පිවිසි මුල් කාලයේද කාන්තාවකට ලිංගිකව එකතුවිය නොහැකි මානසික පසුබිමක් සකස්විය හැකිය.
මෙබඳු තත්ත්වයකදි ස්වාමි පුරුෂයා කලබලයට පත් නොවීම සහ ඉක්මන් නොවීම වැදගත්ම දෙය ලෙස අවධාරණය කළ යුතුය. එලෙස දෙදෙනා අතර සමීප බැඳීමක් ඇතිවන්නට කාලය ලබාදීම අවශ්‍යය.
තවත් සමහර කාන්තාවන් සැමියා සමග පවත්වන ඇසුර යුතුකමක් හෝ අවශ්‍යතාවයක් සපුරාලීමක් සේ සලකා ඊට අවකාශ ලබා දෙන බව වෛද්‍ය වරයෙක් ලෙස අපට බොහෝවිට අසන්නට ලැබෙන දෙයකි. මෙයද යහපත් නොවන්නකි. කායික එක්වීම් දෙදෙනාටම ආශ්වාදයක් බවට පත්කර ගනිමින් කටයුතු කිරීම තුළ මානසිකව හා කායිකවද ඊට අවශ්‍ය කරන පසුබිම සැකසීම සිදුවේ.
සමහර කාන්තාවන් කායිකව එකතුවීමට බියක් දක්වන්නේ තමන්ට වේදනාවක් තුවාල වීමක් සිදුවේයැයි පවතින බිය නිසාය. එහෙත් කාන්තාවකගේ යෝනි ප්‍රදේශය යනු දරුවෙකු ප්‍රසූත කරන්නට තරම් විස්ථාරණය වීමේ හැකියාව ස්වභාවයෙන්ම පවතින ආබාධයක් බව ඔවුන් අවබෝධ කර ගත යුතුවේ.
ඒ අනුව තමා තුළ තිබෙන වැරදි අදහස් වෙනස් කර ගනිමින් ලිංගිකව එකතුවීමට මානසික පසුබිම සකසාගත් විටදී මාංශපේශී සංකෝචනය වී ඊට සුදුසු කායික පරිසරයද ඉබේම නිර්මාණය වීම සිදුවේ.
එහෙත් යෝනි ප්‍රදේශ වියළි බව හේතුවෙන් කායිකව එකතු වීම අපහසු තත්ත්වයට පත්වූ විටදි ම්ක ට්ඥත නමින් හැඳින්වෙන ආලේපනය බාහිරින් ගැල්වීම මගින් එම අපහසුතාවය අවම කර ගත හැකිය.
සමාජ සම්බන්ධතා අවම මට්ටමක පවත්වාගනිමින් නිවස තුළම ජීවත් වූ සමහර යුවතියන් විවාහ වූ පසුව කායිකව එකතුවීම පිළිබඳව කිසිදු අවබෝධයක් නැති තත්ත්වයට පත්විය හැකිය.
චිත්‍රපටයක් වෙනත් දර්ශනයක් තුළින් හෝ ලිංගික අධ්‍යාපනයක් තුළින්වත් එවැනි සම්බන්ධතාවයන් පිළිබඳව නොදැන සිටි කාන්තාවන් යුගදිවියට පිවිසීමත් සමග කායිකව එකතු වීමට නොහැකි තත්ත්වයකට පත්විය හැකිය.
ඊට අමතර පළමු දරු ප්‍රසුතියේදී දැඩි වේදනාවක්ම මුහුණ දුන් කාන්තාවක් නැවත වතාවක් එවැනි බිහිසුණු අත්දැකීමකම මුහුණ දෙන්නට සිදුවේදෝයි පවතින බිය නිසාම කායිකව එකතු වන්නට නොහැකි තත්ත්වයකට පත්වන අවස්ථා තිබේ. එවිට පෙර දරු ප්‍රසූතිය ලිංගිකව එකතු වන්නට සූදානම් වන විටදී බිහිසුණු අත්දැකීමක් ආකාරයට නැවත නැවත මතකයට නැගිය හැකිය. එහිදී මුලින් සඳහන් කළ ආකාරයට මාංශපේශීන් සංකෝචනය වී කායිකව එකතු වීමට අපහසු මානසික හා කායික පසුබිමක් සකස් වීම සිදුවිය හැකිය. මේවා සාර්ථකව විසඳිය හැකි ගැටලුය. මනෝ වෛද්‍ය සහ චිකිත්සක උපදෙස් මගින් සාර්ථකව ඒවා යථා තත්ත්වයට පත් කර ගත හැකිවේ.
උත්පලා සුභාෂිනී ජයසේකර
[මහනුවර මහ රෝහලේ මනෝ රෝග විශේෂඥ වෛද්‍ය ගිහාන් අබේවර්ධන අවධාරණය කරයි]
This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language
Subscribe to:
Post Comments (Atom)
Featured Story
Buying Condoms In Sri Lanka
The first phase of 'Doing it right', a campaign carried out by the Rotaract Club of Cinnamon Gardens. This is the one and on...


Popular Segments
-
ව්යාඝ්රා ලංකාවේ විටින් විට පුවත් මවන නමකි. නම ඇසූ පමණින්ම බියකරු සතෙකු අපේ මතකයට නැගෙන මෙම ව්යාඝ්රා ලංකාවේ ජනතාවටද පෙන්වා ඇත්තේ ඊට සම...
-
පුරුෂයන් බොහෝමයක් දෙනා ජීවිතයේ කොයියම්ම කාලයක හෝ මුහුණදෙන ගැටලුවක් ගැනයි අද කතාව. අනෙක් අයට වඩා තමන්ගේ ලිංගික අවයවය කුඩා යැයි කියන මනස්තා...
-
මිනිස් සිරුර ලෙඩ රෝගවලට සංවේදීය. වෛරස් හා බැක්ටීරියා ආසාදනයන්ට මිනිසා ඉක්මනින්ම ගොදුරු වන්නේ එබැවිනි. මෙසේ ඇතිවන ඇතැම් රෝග එළිපිට කතා කරන...
-
නව යෞවන වයස්වල පසුවන දැරිවියන්ට බලපාන සෞඛ්‍ය ගැටලු අතර ඔසප්වීම හා සම්බන්ධ ඒවා රාශියකි. අනාගතයේ දරුවෙකු දරා සිටීමට, ගර්භාෂය සූදානම් වීමක්...
-
පිරිමින්ගේ ඇතිවන ලිංගික අප්‍රාණිකත්වය හෙවත් ලිංගික කාර්යයේදී ශිෂ්ණය නිසි ලෙස ප්‍රාණවත් කර ගැනීමට ඇති නොහැකියාව හෝ ප්‍රාණවත් වූ ශිෂ්ණය ලිං...
-
අනාගතය පිලිබඳ නැවුම් පැතුම් රාශියක් සිතේ පුරවාගනිමින් සිදු වන විවාහයට පසු දෙදෙනෙකු සැමියා සහ බිරිඳ වශයෙන් ගෙවන ප්‍රථම රාත්‍රිය පිලිබඳ බොහ...
-
සුරාන්තය කියන්නේ ඉතින් සරලව කියනවනම් ලිංගික සංසර්ගයකදී (යෝනි, මුඛ හෝ ගුද) හෝ ස්වයං වින්දන ක්‍රියාවලියක් අවසානයේ පිරිමි කට්ටියගේ ශුක්‍රාණු...
-
පොස්ටිනෝර් 2 කියන නම මේ සටහන කියවන ඔයාලා හැමෝම වගේ අහල නම් ඇති. ඒත් ඒ ගැන හරියටම දන්න අය නම් ගොඩක් අඩු ඇති. එහෙනම් බලමු මොකක්ද මේ ප...
-
ලිංගික අප්‍රාණිකත්වය නැත්නම් නෂ්ඨකාමය ඇති අයට දැන් විස්මිත පෙත්තක් භාවිත කිරීමේ වරම ලැබී තිබේ. ඇත්තෙන්ම කිව්වොත් මේ නම් මැජික් පෙත්තකි. ඒ...
-
වස්තිකාමුකත්වය - Klismaphilia ගුද මාර්ගයට බටයක් මගින් ජලය හෝ දියරයක් ඇතුළු කර මළපහ කිරීමට සැලැස්වීම වස්තිය යනුවෙන් හැඳින්වේ. එම ක්‍රිය...
Newsletter
Subscribe here to get interesting stuff and updates.
LIKE US>>>>
Trending
-
පිරිමින්ගේ ඇතිවන ලිංගික අප්‍රාණිකත්වය හෙවත් ලිංගික කාර්යයේදී ශිෂ්ණය නිසි ලෙස ප්‍රාණවත් කර ගැනීමට ඇති නොහැකියාව හෝ ප්‍රාණවත් වූ ශිෂ්ණය ලිං...
-
සුරාන්තය කියන්නේ ඉතින් සරලව කියනවනම් ලිංගික සංසර්ගයකදී (යෝනි, මුඛ හෝ ගුද) හෝ ස්වයං වින්දන ක්‍රියාවලියක් අවසානයේ පිරිමි කට්ටියගේ ශුක්‍රාණු...
-
ලිංගික අප්‍රාණිකත්වය නැත්නම් නෂ්ඨකාමය ඇති අයට දැන් විස්මිත පෙත්තක් භාවිත කිරීමේ වරම ලැබී තිබේ. ඇත්තෙන්ම කිව්වොත් මේ නම් මැජික් පෙත්තකි. ඒ...
-
කාන්තාවෝ පමණක් නෙවෙයි පිරිමි අය පවා මේ Postinor 01 කියන නම හොඳට අහලා ඇති. ඒත් මේ ලිපිය වැදගත් වෙන්නේ මේ ගැන අහලා තියන සහ මේ ගැන හරියට නොද...
-
ලිංගික ආශාව ඇතිවීම මෙන්ම නිවැරදි සංසර්ගය නිරෝගි බවේ ලකුණක්. නමුත් දිගින් දිගටම සම්බන්ධතා නොපැවැත්වීම රෝග රැසකට මගපෑදිය හැකියි. මෙන්න ඉන්...
-
වස්තිකාමුකත්වය - Klismaphilia ගුද මාර්ගයට බටයක් මගින් ජලය හෝ දියරයක් ඇතුළු කර මළපහ කිරීමට සැලැස්වීම වස්තිය යනුවෙන් හැඳින්වේ. එම ක්‍රිය...
-
මිනිස් සිරුර ලෙඩ රෝගවලට සංවේදීය. වෛරස් හා බැක්ටීරියා ආසාදනයන්ට මිනිසා ඉක්මනින්ම ගොදුරු වන්නේ එබැවිනි. මෙසේ ඇතිවන ඇතැම් රෝග එළිපිට කතා කරන...
-
පිරිමින් මුහුණ දෙන ලොකුම ගැටලුවක් හැටියට ලිංගික අප්‍රාණිකත්වය දක්වන්න හැකියි. විවිධ පෙති, කරල්, එන්නත් ගැන මෙන්ම ව්‍යාජ ඖෂධ ගැනත් මෙහිදි ...
-
විරුද්ධ ලිංගිකයන් දෙදෙනකු අතර ඇතිවන පළමු ලිංගික එක් වීම ඒ දෙදෙනාගේ දිවියේ වැදගත් සන්ධිස්ථානයක් වේ. මක්නිසාද එම මතකය , ඒ ආධ්‍යාත්මික හැඟීම...
-
වෙල් නියර දිගේ පැමිණි සීලනාථ සහ නිමල්සිරි “පින්නදූව ලන්ද”ට ඇතුළු වූහ. තවමත් සවස හතරේ හෝරාව ඉක්ම වී ගොස් නැතත්, හාත්පස පරිසරය තරමක් අඳුරු ආ...
