ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපන අගාධය...


අද අපි කතා කරන්නේ ලංකාවේ ලිංගික අධ්‍යාපනය ගැන. ලංකාවේ ඉහළ පෙළේ විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයන් සියදෙනෙක් ඇසුරින් කරන ලද පර්යේෂණයක් ඇසුරින් මෙම ලිපිය සකසා ඇත. පාසල් අධ්‍යාපනය ලබා සමාජගත වන සිසුන් විශ්වවිද්‍යාලයට පැමිණීම හා එහි ගතකරන කාලය තුළ හෝ නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලැබීමට අවකාශයක් ඔවුන්ට පවතීද යන්න ගැටලු සහගත තත්ත්වයකි. විශ්වවිද්‍යාලීය ශාස්ත්‍ර පීඨ සිව්වන වසර සිසුන් යනු විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව සමාජගත වීමට අපේක්ෂා කරන සිසුන් පිරිසක්. මෙම සිසුන් ඇසුරින් කරන ලද මෙම පර්යේෂණය ලංකාවේ ලිංගික අධ්‍යාපනයේ අවධානාත්මක බව තහවුරු කිරීමට සමත්ව ඇත. ලිංගික අධ්‍යාපනය ලබා ගැනීම සඳහා සිසුන් භාවිත කරන මාධ්‍යයන් කිහිපයක් මෙහිදී අවධානයට ලක් කර ඇත.

 එයට අනුව නිවසින් ලිංගික අධ්‍යාපනය ලැබූ සිසුන් ප්‍රමාණය අතිශය සීමිත වන අතර පිරිමි ළමුන් කිසිවකු දෙමාපියන්ගෙන් ලිංගික අධ්‍යාපනයක් ලබා නැත. ගැහැනු ළමුන්ට සාපේක්ෂව පිරිමි ළමුන් බහුතරය ලිංගික අධ්‍යාපනය ලබා ඇත්තේ අන්තර්ජාලයෙනි. පිරිමි ළමුන්ට සාපේක්ෂව ගැහැනු ළමුන් බහුතරය යහළුවන්, පුවත්පත්, සඟරාවන්ගෙන් ලිංගික අධ්‍යාපනය ලබා ගැනීම සිදුකර ඇත. ලිංගික අධ්‍යාපනය වෙනත් අංශයන්ගෙන් ලබා ගැනීම අතින්ද ගැහැනු ළමෝ ඉදිරියෙන් සිටිති. මෙම සිසුන් ලිංගික අධ්‍යාපනය ලබා ගත් වෙනත් මාධ්‍යයන් වන්නේ නායකත්ව පුහුණු වැඩමුළුව, හා විශ්වවිද්‍යාලයේ ලිංගික සෞඛ්‍ය පාඨමාලාව හරහා ය. නමුත් මෙහි ගැටලුව වන්නේ නායකත්ව පුහුණු වැඩමුළුව වර්තමානයේදී ක‍්‍රියාත්මක පාඨමාලාව නොවීමත් විශ්වවිද්‍යාලයේ ලිංගික සෞඛ්‍ය පාඨමාලාව අනිවාර්ය පාඨමාලාවක් නොවන බැවින් එම පාඨමාලාව හදාරන සිසුන් ප්‍රමාණය අඩු වීමත්ය.

පාසල් කාලයේදී ලැබූ ලිංගික අධ්‍යාපනය පිරිමි ළමුන්ට සාපේක්ෂව ගැහැනු ළමුන්ගේ තත්ත්වය පවතින්නේ ඉතා පහළ මට්ටමක ය. එය පිරිමි 47%ක් හා ගැහැණු 19% ක ප්‍රමාණයකි. ඒ අනුව පාසල් අධ්‍යාපනය තුළ ලිංගික අධ්‍යාපනය ලබා දීම ක්‍රමවත්ව සිදු වී නැත. විශ්වවිද්‍යාලයට ප්‍රවිෂ්ට වීමට පෙර හෝ පසු ලිංගික අධ්‍යාපනය ක‍්‍රමවත්ව ලැබී නොමැත. මෙහි ප්‍රතිඵලය වන්නේ ලිංගිකත්වය සම්බන්ධ ගැටලුවලට ඔවුනට මුහුණ දීමට සිදුවීම ය. ලිංගික අධ්‍යාපනය නොමැති වීම තම ජීවිත කාලය තුළ ගැටලුවක් වීම වැඩි බලපෑමක් සිදුකර ඇත්තේ පිරිමි ළමුන්ට ය. එය 54% ක ප්‍රතිශතයකි. ගැහැණු ළමුන්ගේ මෙය 26% කි. එකවරක් හෝ ලිංගික ඇසුරක් පවත්වා ඇති කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම ලිංගික අධ්‍යාපනය නොමැති වීම ජීවිතයේ යම් අවස්ථාවකදී ගැටලුවක් වී ඇත. ඉන් තහවුරු වන්නේ නිවැරදි ලිංගික අධ්‍යාපනයක් නොලැබීම යහපත් ලිංගික සබඳතාවකට බලපෑම් කරන බවය.

මෙම පර්යේෂණයට තොරතුරු ලබාදුන් සිසුන්ගෙන් පිරිමි සිසුන් 61%කට අනුව විශ්වවිද්‍යාලයට පැමිණෙන විට ලිංගික අධ්‍යාපනය යහපත් අතර 39% කට අනුව ඔවුන්ගේ ලිංගික අධ්‍යාපනය ඉතා යහපත් ය. නමුත් ලිංගික ගැටලු ඇතිවීමේදී 54%ක ප්‍රමාණයකට එය ගැටලුවක් වී ඇත. ඒ අනුව බහුතරය තමා ලබා ගත් ලිංගික අධ්‍යාපනය පිළිබඳ තෘප්තිමත් වුව ද එහි ගුණාත්මක හා නිවැරදි බව ගැටලු සහගත බව කිව හැකි ය. පිරිමි ළමුන් වැඩි ප්‍රමාණයක් ප්‍රථම ලිංගික අත්දැකීම ලබා ඇත්තේ වයස 12 - 18 ත් අතරේ දීය. ගැහැනු ළමුන් බහුතරය ප්‍රථම ලිංගික අත්දැකීම වයස 18 -25 කාලයේදී ලබාගෙන ඇත.

කන්‍යාභාවය පිළිබඳ දැනුවත්භාවය ස්ත්‍රි පුරුෂ දෙපාර්ශ්වයේම පැවතිනි. කන්‍යාභාවයේ ජීව විද්‍යාත්මක ස්වරූපය මධ්‍යස්ථ මට්ටමෙන් හෝ සියල්ලෝම දැන සිටිය හ. කාන්තාවකගේ පිරිසිදුභාවය මැනීමට කන්‍යාභාවය අවශ්‍ය වේ යන්නේදී ගැහැනු ළමුන් 61% ප්‍රතිශතයක් ද පිරිමි ළමුන් 58%ප්‍රතිශතයක් ද එයට එකඟ විය. එයට අනුව විද්‍යාත්මක දැනුම පැවතියද සංස්කෘතිකමය ආකල්පය තවමත් උගත් පිරිස තුළ හදුනාගත හැකිය. එහි කාන්තා පාර්ශ්වයේ මෙම තත්ත්වය පුරුෂ පාර්ශ්වයට වඩා ඉහළ මට්ටමක ඇත.

සම්මුඛ සාකච්ජාවන් හිදී සිසුන් බහුතරයට මාතෘත්වය හා පිතෘත්වය පිළිබඳව හා දෙමාපියන්ගෙන් දරුවාට ලිංගික අධ්‍යාපනය ලැබීමේ වැදගත්කම පිළිබඳ අවබෝධයක් නොවී ය.

”දරුවෙක් වැඩෙනවා ඒත් මානසිකව වර්ධනයක් ගැන දන්නෙ නැහැ. අපේ අම්මලගෙන් එහෙම ලිංගික දැනුමක් ලැබුනෙ නැහැ. අපි නෙට් එකෙන් යාළුවො සී ඩී වගේ ඒවගෙන් ඉගෙන ගත්තෙ. ඉතින් අපේ ළමයිනුත් ඒ විදියට ඉගෙන ගනී. ඇත්තටම අම්මල එක්ක ඕවා කතා කරන්න බැහැනෙ.”

”අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් විදියට ළමයින්ට දේවල් කියාදෙන්න ඕන. ඒත් මගේ දරුවෙක්ට එහෙම කියාදෙන්න ඕන කොහොමද කියාදෙන්න ඕන මොනවද කියල මට අවබෝධයක් නැහැ.”

විශ්වවිද්‍යාල සිසුන්ගේ ලිංගික අධ්‍යාපනයේ මඳභාවය හා ඉදිරි පරම්පරාවකට ලිංගික අධ්‍යාපනය නිවැරදිව ලබාදීමේ නොහැකියාව ලංකාවේ අනාගතයට අඳුරු හෙවනැල්ලක් ඇති කිරීමට සමත්. දරුවකුගේ ජීව විද්‍යාත්මක අවශ්‍යතා පිළිබඳ අවබෝධය තිබූව ද මානසික වර්ධනය හා මානසික අවශ්‍යතාවන් කවරේද යන්නත් ලිංගික අවශ්‍යතා කවරේද යන්නත් මොවුන් තුළ අවබෝධයක් නොමැත.

මෙම සිසුන් බහුතරය තුළ සමාජ රෝග පිළිබඳ දැනුම උපත් පාලනය පිළිබඳ නිවැරදි දැනුමක් නොමැති වීම ඔවුන්ගේ ජීවිතයේ ලිංගික ගැටලු රාශියක් ඇතිවීමට හේතුවක් විය හැකිය. ලිංගික අධ්‍යාපන නොලැබීම සමාජමය වශයෙන් ගැටලු රාශියක් ඇතිකරවන බවට සැබවින්ම තවත් සාක්ෂි අවශ්‍ය වන්නේ නැහැ. මෙහි අවසන් ප්‍රතිඵලය අප සියලුදෙනාටම භුක්තිවිඳීමට සිදුවන්නේ එක්වය. ලංකාව තුළ පවතින ලිංගික ගැටලු රාශියක සැබෑ හේතුව වන්නේද මෙයයි. සංස්කෘතික වැටකඩොලු තුළට වී ලිංගික අධ්‍යාපනය සඟවා ගැනීම ගැන නැවත වරක් සිතීම අද සිටවත් ආරම්භ කළ යුතුය.

මනෝ උපදේශිකා ඉවෝනි දිල්කා
[www.resa.lk]

This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

0 comments: