ලිංගික උත්තේජනය ඇති කරන ව්‍යාඝ්‍රයා.


ව්‍යාඝ්‍රා ලංකාවේ විටින් විට පුවත් මවන නමකි. නම ඇසූ පමණින්ම බියකරු සතෙකු අපේ මතකයට නැගෙන මෙම ව්‍යාඝ්‍රා ලංකාවේ ජනතාවටද පෙන්වා ඇත්තේ ඊට සමානම ප්‍රතිරූපයකි. ලංකාවේ පාර්ලිමේන්තුව තුළද ජනප්‍රිය වදනකි ව්‍යාඝ්‍රා. ඒ හිටපු අමාත්‍යවරයෙකුට ව්‍යාඝ්‍රා නාමයට පට බැඳ තිබීම නිසාය.

මෙම මන්ත්‍රීවරයාගේ නිවසේ අසල්වැසි තරුණයෙකු හදිසියේම මිය ගියේය. එම මන්ත්‍රීවරයාගේ පුතෙකුගේ යහළුවෙකු වන මෙම තරුණයා එම නිවසේ නිදා සිටියදී මිය ගිය බව කියැවිණි. මරණ පරීක්ෂණයකින් පසුව කියැවුණේ එම තරුණයා ව්‍යාඝ්‍රා නැමැති මෙම ඖෂධය වැඩිපුර අරගත් බැවින් විවිධ සංකූලතාවලට පත්ව මියගොස් ඇති බවකි. මෙම මරණයත් සමග මන්ත්‍රීවරයාගේ දියණියටද බිරිඳටද ෆේස්බුක් හරහා ප්‍රහාර එල්ල වූ බැවින් ඔවුන්ගේ පවුලම පත්වූයේ මහත් අකරතැබ්බයකටය.

එය එසේ වුවද සෑම මසකට වරක් දෙවරක්ම මෙම ව්‍යාඝ්‍රා අධිමාත්‍රාවෙන් ගැනීම නිසා විවිධ අවස්ථාවල ලංකාවේ පිරිමින් මාරාන්තික රෝගී තත්වයන්ට ලක්ව මිය ගිය බව අසන්නට ලැබේ. සමහර පිරිමින් අසම්මත ප්‍රේමයේ කම් සැප විඳ ගැනීම උදෙසා හෝ නැතිනම් කුලියට ගත් කාන්තාවක් සමග යහන් ගතවීම සඳහා ලැගුම්හල්වලට ගිය අවස්ථාවලදී මෙම උත්තේජකය වැඩිපුර ගැනීම නිසා රෝගාතුරව මරණයට පත්වූ බව ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යාඝා කෙනට් නිල් පෙති වෛද්‍ය උපදේශයකින් තොරව මිලට ගැනීමට හැකියාව තිබේ. එසේ වුවද මෙම ව්‍යාඝා පානය කළ යුත්තේ ලිංගික බෙලහීනතාවයෙන් පෙලෙන පුද්ගයන් විනා නිරෝගී අය නොවේ. නමුත් අවාසනාවකට මෙම ව්‍යාඝා ලංකාවේ පුද්ගලයන් භාවිත කරන්නේ අධි ජවයක් ලබාගැනීමේ අරමුණින් බව පෙනෙන්නට තිබේ.

විශේෂයෙන් අසභ්‍ය ලිංගික දර්ශන නරඹන පුද්ගලයන් තමන්ට එවැනි ජවයක් ලබා ගැනීමට මෙම ව්‍යාඝ්‍රා නිල් පෙත්ත භාවිතා කරයි. එසේම බොහෝ දෙනෙක් එම පෙත්තේ ආදීනව ගැන නිවැරදි දැනුවත්භාවයකින් එය පාවිච්චි කරන බව පෙනෙන්නට නැත. මන්ද එය ලබා ගත යුත්තේ ලිංගික කාර්යයට පැයකටවත් පෙර වුවත් බොහෝ දෙනා මෙය භාවිත කර ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙති.

ඔවුන් බලාපොරොත්තු වුණ ප්‍රතිඵල ප්‍රමාද වෙත්ම තවත් පෙත්තක් භාවිත කිරීමට මිනිසුන් පෙළඹේ. සාමාන්‍යයෙන් දිනකට ගත යුත්තේ මිලි ග්‍රෑම් 50 එක් පෙත්තක් වුවත් බොහෝ දෙනා නොදැනුවත්වම වාගේ මිලි ග්‍රෑම් 100 නැතහොත් පෙති දෙකක් පමණ භාවිත කරයි. මාරාන්තික අනතුරු සිදුවීමට ප්‍රබලම හේතුව අධිමාත්‍රාවෙන් ව්‍යාඝ්‍රා භාවිත කිරීම බව හෙළි වී තිබේ.

සැබැවින්ම මෙම පෙත්ත මගින් සිදුවන්නේ ලිංගික අවයවයන්ට රුධිරය සැපයෙන මාර්ග මනා ලෙස ක්‍රියාකාරීවීමට සැලැස්වීමයි. මෙම ක්‍රියාවලිය මගින් ලිංගික උත්තේජනයක් ඇතිවේ. එහෙත් ව්‍යාඝ්‍රා අධිමාත්‍රාවෙන් ගැනීම හේතුවෙන් රුධිර සංසරණය වේගවත්වී රුධිර පීඩන තත්ත්වයකට පත්වීමට හැකි බව බටහිර වෛද්‍යවරු පවසති. සමහරු මිය ගොස් තිබුණේ රුධිර නාල පුපුරා යාම නිසාය. හෘදයට අධික රුධිර ප්‍රමාණයක් ගලා ඒම නිසා හෘදයද අකර්මන්‍ය තත්වයට පත්ව මරණය පත්වූ අවස්ථාද ඕනෑ තරම් දක්නට ලැබේ. රුධිර පීඩන තත්ත්වය වැඩිවී රුධිර නාල පුපුරායාම නිසා සිදුවන සමහර මරණ ස්වභාවික මරණ ලෙස පෙනුනද ඒවා මෙම පෙත්තේ බලපෑම නිසාද සිදුවී ඇති බව පෙනෙන්නට තිබේ. එහෙත් නිවැරදි ලෙස ගණනය නොවන මේවා ස්වභාවික මරණ ලෙසද හැඳින් වේ.

විශේෂයෙන්ම ලිංගික කටයුතුවල යෙදීමට තරම් ශරීර සෞඛ්‍යයක් නොමැති පුද්ගලයන් කෘතිම බල ගැන්වීම සඳහා මෙම ව්‍යාඝ්‍රා කනෙක්ට් පෙත්ත යොදා ගැනීම නිසා භයානක ප්‍රතිඵල අත්වීමට හැකි අතර හෘදයේ යම් යම් ගැටලු ඇති අයද හතිය වැනි දේ ඇති අයද පඩි පේළි කිහිපයක් නැගීමට නොහැකිව හති දමන තත්ත්වයට පත්ව සිටින අයද මෙය භාවිතා නොකළ යුතු බව ඇමරිකානු වෛද්‍යවරු පවසති.

යම් යම් රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගන්නා අය මෙම උත්තේජකය භාවිත කිරිමට පෙර වෛද්‍යවරයෙකු හමුවීම ඉතා වැදගත්ය. මෙම උත්තේජකය ලබාගත්විට සමහර අවස්ථාවල කැරකැවිල්ල පෙනීම අපැහැදිලිවීම නාසය බරවීම ශරීරය උණුසුම් වීම වැනි දේ සිදුවීම ස්වභාවික වුවත් සමහරු මෙම ලක්ෂණ පහළ වූ වහාම බිය වී වෛද්‍යවරු කරා දිව එන බවද සමහර බටහිර වෛද්‍යවරු පවසති.

එහෙත් ඒ තත්ත්වය ටික වේලාවකින් පහව යන බවද එයට ප්‍රතිකාර අනවශ්‍ය නමුත් පපුවේ වේදනාව හතිය හුස්ම ගැනීම අපහසුවීම සිහිමුර්ජා වීම වැනි තත්ත්වයක් ඇතිවුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුව ඇත. පැය 4 ඇතුළත මෙම ලිංගික උත්තේජනය වීම අවසන් නොවන්නේ නම් එයද ප්‍රතිකාර ලැබිය යුතු තත්ත්වයක් බව ඇමරිකානු වෛද්‍යවරු පවසති.

(බීබීසිය ඇසුරෙනි)

This is the one and only positive sex educational website in sri lanka and written in Sinhala language

0 comments: