කාන්තාවන්ට වද දෙන ගර්භාෂ අර්බුදේ.

අද වන විට බොහෝ කාන්තාවන් අතර අහන්නට ලැබෙන එපාකරපු තත්ත්වයක් හැටියට ගර්භාෂ ගෙඩි නැතිනම් ෆයිබ්‍රොයිඩ්  හඳුන්වා දෙන්න පුළුවනි. ජීවිත කාලය පුරාම වුවද පවතින මේවා අහිංසක එනම් පිළිකා නොවන අර්බුද ගණයට වැටේ. මෙය  කාන්තාවන්ගේ ගර්භාෂය තුළ ඇති වන අසාමාන්‍ය වර්ධනයකි. සමහර අවස්ථාවලදී මේවා ඉතා විශාල වන අතර තීව්‍ර උදර වේදනාවක් හා ආර්තවයේදී අධික රුධිර වහනයක් ද සිදු වේ.

නමුත් සමහර කාන්තාවන් තුළ  කිසිම බාහිර ලක්‍ෂණයක් නොපෙන්වයි. මේවා එකක් හෝ කිහිපයක් තිබිය හැක. බොහෝ ඒවා ගර්භනීතාවයේදී පෙනීමට පටන් ගන්නා අතර දරුවා බිහිවීමෙන් පසු ගර්භාෂය සාමාන්‍ය තත්ත්වයට පත්වන විට හැකිලී යයි. මේවා සිනිඳු පේශී හා තන්තු සම්බන්ධක පටක මගින් සෑදෙන අතර කාන්තාවන්ගෙන් 70% – 80% ජීවිත කාලය පුරාම වර්ධනය වේ.

මෙම ෆයිබ්‍රොයිඩ් ඇති වන ස්ථාන අනුව වර්ග 3 ක් ලෙස දැක්විය හැකිය.

  1. Intramural Fibroid – ගර්භාෂයේ පේශීමය බිත්තිය තුළ ඇති වේ.
  2. Sub Mucosal Fibroid- ගර්භාෂය තුළට නෙරා පවතී.
  3. Sub serosal Fibroid – ගර්භාෂයෙන් පිටතට නෙරා පවතී.

ෆයිබ්‍රොයිඩ් තත්ත්වය ඇති විට පෙන්නුම් කරන ලක්‍ෂණ

ආර්තවයේදී ඇති වන අධික රුධිර වහනය, සතියකට වඩා ආර්තවය පැවතීම, ශ්‍රෝනි කුහරය තුළ ඇති වන පීඩනය හෝ වේදනාව, නිතර නිතර මුත්‍රා කිරීමට සිදුවීම, මුත්‍රාශය හිස් කිරීමේ අපහසුව, මල බද්ධය, පාදවල හා කෝන්දේ වේදනාව.

වෛද්‍යවරයකු හමුවී උපදෙස් ලබා ගතයුතු අවස්ථා

ශ්‍රෝනි කුහරය (උකුල තුළ) ඇති වන නොනවතින වේදනාවක් පවතින විට රැධිරය අධික ලෙස වහනය වීම, එය දිගු කලක් පැවතීම හා අක්‍රමවත් ආර්තව චක්‍රය.

ආර්තව චක්‍ර 2 ක් අතර රුධිර වහනය, මුත්‍රාශය හිස් කිරීමේ නොහැකියාව.

ෆයිබ්‍රොයිඩ් ඇති වීම සඳහා ඇති අවදානම් සාධක

ආරය (මවට හෝ සහෝදරියකට පැවතියේ නම් ඒ පවුලේ කාන්තාවන්ට අවදානමක් පවතී)

ජාතිය (කළු ජාතික කාන්තාවන් තුළ තරුණ කාලයේදීම මෙම අර්බුද (Tumor/ගෙඩි) බහුලය)

පාරිසරික සාධක, ආර්තවය කලින් ආරම්භ වීම, උපත් පාලන ක්‍රම, තරබාරු බව, විටමින් D ඌනතාවය, රතු මස් වැඩිපුර කොළ පැහැති එළවළු පළතුරු අඩුවෙන් ගැනීම, ඇල්කොහොල් භාවිතය (Beer පවා).



ගර්භනීභාවය හා ෆයිබ්‍රොයිඩ්

සාමාන්‍ය ගර්භනීභාවය සඳහා මේවා බාධාවක් නොවේ. නමුත් ගර්භාෂය තුළට නෙරා පවතින (Sub mucosal fibroids) මගින් වඳ භාවය හෝ ගර්භනීතාවය නැති වීම සිදු විය හැක. එසේම එවැනි තත්ත්වයකදී ගබ්සා වීමේ අවදානමද වැඩිය. මෙමගින්,

වැදැමහ/අපරාව (Placenta) දරුවා බිහිවීමට පෙර ගැලවීම.
කලලයේ  වර්ධනය ඇණ හිටීම.
නොමේරූ දරු උපත් ඇති වීම වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකිය.

ෆයිබ්‍රොයිඩ් හඳුනා ගැනීම සඳහා සිදුකරන පරීක්‍ෂණ

උදරය හා ශ්‍රෝනි පරීක්‍ෂණවලදී තද, අක්‍රමවත් ශ්‍රෝනි ස්කංධයක් (ගෙඩියක්) ලෙස අතට දැනේ.

Transvaginal Scan – යෝනී මාර්ගයහරහා සිදුකරන scan පරීක්‍ෂාවයි.

MRI Scan පරීක්ෂණය

Hysteroscopy – කැමරාවක් සහිත උපකරණයක් මගින් පියවී ඇසට සක්‍රීයව ගර්භාෂය නිරීක්‍ෂණය කිරීම.

Saline Sonohysterogram- යෝනි මාර්ගය තුළින් Saline ඇතුළු කර එමගින් ගර්භාෂය විස්තාරණය කිරීමෙන් හඳුනාගැනීම.

ෆයිබ්‍රොයිඩ් තත්ත්වය සඳහා ඖෂධ ප්‍රතිකාර

අඩු මාත්‍රාවක් සහිත උපත් පාලන පෙති ලබාදේ. මෙහිදී ඊස්ට්‍රජන් ශ්‍රාවය (ඩිම්බ කෝෂවලින්) නවත්වයි. මාස 3 ක කාලයක් ලබාදී අඩු ඊස්ට්‍රජන් මට්ටමක් පවත්වා ගනී.

ශල්‍ය ප්‍රතිකාර

Hysterectomy – ගර්භාෂය හා Fibroid යන දෙකම ඉවත් කරයි.
Myomectomy – ගර්භාෂය තුළ ඇති Fibroid පමණක් ඉවත් කරයි.

Uterine Artery Embolization (UAE) – polyvinyl alcohol කැතීටරයක් හරහා ධමනිවලට එන්නත් කර ඒවා Fibroid වලට ලැබීමට සලස්වයි. එවිට එමගින් රැධිර සැපයුම අවහිර වී හැකිලී මිය යයි.

ෆයිබ්‍රොයිඩ් තත්ත්වයේ බොහෝ අවස්ථා පිළිකා නොවන අතර අධික රුධිර වහනය නිසා නීරක්තිය ඇති වීමේ අවධානමක් ඇති විය හැකිය. එම නිසා ඉහත සඳහන් කළ ලක්ෂණ වේ නම් වෛද්‍ය උපදෙස් කරා යොමු වීම වඩාත් සුදුසු බව සිහිතබා ගන්න.

- Women health

This is the one and only positive sex educational website in Sri Lanka and written in the Sinhala language

0 comments: